පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා. පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන …

Continue reading

සමාජ සංවාද පොත් පෙළ – ඉස්ලාම් පිලිබඳ වැරදිමත සඳහා පිළිතුරු

ඉස්ලාමයට එරෙහිව එල්ලවන ඇතැම් චෝදනා සඳහා විස්තරාත්මක පිළිතුරු ඇතුලත් පොත් පෙළ. මාංශ අනුභවය මුස්ලිම් ජනගහන වර්ධන භීතිකාව අසාමාන්‍ය මුස්ලිම් පල්ලි ව්‍යාප්තිය ආසියාතික බෞද්ධ රටවල් ඉස්ලාමීයකරණය අල් කාඉදා, අල් ජිහාද් මුස්ලිම් ත්‍රස්තවාදයේ යතාර්ථය අන්තවාදී ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් මෙම පොත් පෙළ සමස්ත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ …

Continue reading

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ …

Continue reading

මළ මුහුදු ලියකියවිලි වල සඳහන් මුහම්මද් ﷺ තුමා

වර්ෂ 1947දී මළ මුහුද ආසන්නයේ තිබෙන කුම්රාන් නම් ප්‍රදේශයේ යම් ගුහා කිහිපයක්ද එම ගුහා තුළ තිබී යම් ලියකියවිලි වගයක්ද සොයා ගනු ලැබුවා. මෙම ලියකියවිලි හඳුන්වනු ලබන්නේ “මළ මුහුදු ලියකියවිලි” ලෙසයි. මෙම ලියකියවිලි යෙහෙසුස් ක්‍රිස්තූන්ට සියවස් ගණනාවකට පෙර ජීවත් වූ එක් ධාර්මික යුදෙව් සමාජයක් විසින් ලියා තිබෙන බව විද්වතුන් පවසනවා[1] “මළ මුහුදු ලියකියවිලි” වල අඩංගු …

Continue reading

යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා

බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ පරම්පරාවෙන් පැමිණෙන අරාබි ජාතිකයෙකු වූ මුහම්මද් තුමා පිළිබඳව බව මෙම අනාවැකි දෙස හා මුහම්මද් තුමාගේ ජීවිතය දෙස අවධානයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මුහම්මද් තුමාට …

Continue reading

මුහම්මද් ﷺ තුමා හා ආයිෂා (රලි) තුමිය අතර සිදු වූ විවාහය

කදීජා තුමියගේ අභාවයෙන් අවුරුදු දෙකකට පසු අවුරුදු 50 ක් වයසැති වැන්දඹු ව සිටි සවුදා තුමියව මුහම්මද් තුමා විවාහ කර ගත් අතර ඉස්ලාමය වෙනුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි සවුදා තුමියට මෙය විශාල අස්වැසිල්ලක් වුවාට සැකයක් නොමැත. කදීජා තුමියගෙන් ලද දරුවන් රැක බලා ගැනීමට එතුමියගෙන් ලද සහාය මුහම්මද් තුමාණන්ට ද අති …

Continue reading

මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්. මරියම් තුමිය සමඟ කතා කළ සුර දූතයින්ගේ සංඛ්‍යාව? ඉම්රාන්ගේ දුව වන මරියම් තුමිය ඇත්තෙන්ම …

Continue reading

මුහම්මද් ﷺ තුමාණන් කල අවසාන දේශනය

හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය. මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි …

Continue reading

ජිහාද් යනු කුමක්ද?

ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ …

Continue reading